විශේෂඥ වෛද්‍යවරු 45කට 6 මසකින් වැටුප් ගෙවන්න මුදල් නෑ
බස්නාහිර පළාතේ අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 189ක් වුවද මේ වනවිට විශේෂඥ වෛද්‍යවරු සහ වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් 235 දෙනකු සේවය කරනු ලබයි.
මේ හේතුවෙන් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා බස්නාහිර පළාතේ විශේෂඥ වෛද්‍යවරු 45දෙනකු සිටින බැවින් කළමනාකරණ සේවා චක්‍රලේඛ 03/2018 අනුව වැටුප් ගෙවීමේ හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ලිපියක් මගින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනටද ලිපියක්ද යොමුකොට ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ප්‍රකාශ කළේ පළාත් සභාවෙන් මෙම වැටුප් ගෙවන ලෙසට මධ්‍යම ආණ්ඩුවෙන් දැනුම්දී ඇති බවයි.
ඉන්පසු එම මුදල පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුවෙන් ප්‍රතිපූර්ණය කරන බවටද දැනුම්දී ඇති බව ඇය සඳහන් කළාය.
ඒ අනුව මේ වනවිට අදාළ වැටුප් ගෙවීම සම්බන්ධව අවශ්‍ය වැඩ කටයුතු සියයට 99ක ප්‍රමාණයක් කර අවසන් බවත්, ඉදිරි සතියේදී එම ගෙවීම් සිදුකිරීමට හැකිවනු ඇති බවත් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.
112 total views, 2 views today