පාසල් බස් වෑන් රියැදුරු කොන්දොස්තරලා අද රැපිඩ් පරීක්‍ෂාවට

කොරෝනා රෝගයෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීමට පාසල් බස් රථ සහ වෑන් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ සහයකයන් සඳහා අද (8 දා) රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාව කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (7 දා) පැවැසීය.
මෙම පරීක්‍ෂා කිරීම අද විශේෂ පරීක්‍ෂාවක් ලෙස සිදුකරන බව පැවසූ ඒ මහතා පාසල් බස් රථ සහ වෑන් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන්, සහයකයන් සහ දරුවන් මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් රථ වාහන පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමුකරන බවද ඒ මහතා පැවැසීය. මේ වන විට දිවයිනේ විවිධ ස්ථානවල රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාව තවදුරටත් සිදුකරන බව කී ඒ මහතා පෙරේදා (6 දා) දිනයේදී නිරෝධායන නීති කඩ කළ 11 දෙනාද සමග පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා 3022ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද කීය.
මීට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන සෞඛ්‍ය නීති පිළිපදිනවාද යන්න පරීක්‍ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 86 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments