වේදිකා නාට්‍ය 97කට, චිත්‍රපට 69 කට හා ටෙලිනාට්‍ය 108කට රංගනයෙන් දායකවූ මියුරි සමරසිංහ දැයෙන් සමුගනී
නාට්‍ය රචිකාවියක්, නිෂ්පාදකවරියක් මෙන්ම වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වූ මියුරි සමරසිංහ ටික කලක් රෝගාතුරව සිට ඉකුත් 06 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 81 වැනි වියේ පසුවූ මියුරි සිව්දරු මවකි. මොරටුව ඉපිද, කොළඹ මියුසියස් විද්ලයයෙන් ඉගෙනුම ලැබුවාය.
වැලිකල රත්න නාට්‍ය ශිල්පියාගේ ‘අලූත් දවසක්’ වේදිකා නාට්‍යයෙන් වේදිකා රංගනයට පිවිසි මියුරි සමරසිංහ, ‘නුගසෙවන’, ‘මඟුල් හටන’, ‘ලෝකෙට ලොක්කා’, ‘නොතිත් අඟනෝ’, ‘නරලොව වැඩක්’, ‘ඇනා කැරනිනා’, ‘සිවම්මා ධනපාල’ සමගින් නාට්‍ය 97 ක රඟපෑවාය. අනතුරුව වේදිකාවෙන් සිනමාවට පිවිසි මියුරි, ‘මිරිඟුව’, ‘වානරයෝ’, ක්ෂිතිජය, මඩොල්දූව, යහළු යෙහෙළි, යස ඉසුරු, පොඩි විජේ, සමගින් චිත්‍රපට 69 ක විවිධ චරිත නිරූපණය කළාය. ‘එරබඳු මල්’, ‘ඉරට හඬන මල්’ 1 සහ 2 ‘ජය උදාව’, ‘දළ රළ පෙළ’, ‘දූ දරුවෝ’, ‘මාඬොල් දූව’ සමගින් ටෙලි නාට්‍ය 108 ක රඟපා ඇත. සුදර්ශී ආයතනයේ සාමාජිකත්වය ලැබූ ඇය එහි උප ලේකම්, ලේකම් ඇතුළු නිලතල හෙඹවූවාය.
බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති ඇගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (08 වැනිදා) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.
131 total views, 4 views today