ජාතික ටෙනිස් ශූරතාව යසිත සහ අනීකාට
ශී්ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කළ 2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව වෙනුවෙන් අවසන් මහා තරගයේදී ජනලි මනම්පේරි සහ අනීකා සෙනෙවිරත්න තරග වැදුණු අතර එහිදී තරග වට 2-0ක් (6/0, 6/4* ලෙසින් ජය හිමිකර ගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. එ් අනුව අනීකා සෙනෙවිරත්න ජාතික ශූරතාව දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2018 වසරේදීද ටෙනිස් ජාතික ශූරතාවට හිමිකම් කීමට අනීකා සමත් වූවාය.
ශී්ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කළ 2020 ජාතික ටෙනිස් ශූරතාවලියේ කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට යසිත ද සිල්වා සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට අනීකා සෙනෙවිරත්න සමත්වූවාය. තරගාවලිය ශී්ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.
තරගාවලියේ අවසන් මහා තරග පෙරේදා (17 වැනිදා) පැවැති අතර එහිදී පිරිමි කේවල අවසන් තරගයේදී යසිත ද සිල්වා සහ ෂාමල් දිසානායක තරග වැදිණි. එ් අනුව අවසන් තරගයේදී පළමු වටය 7-6ක් ලෙස ජය ගැනීමට ෂාමල් දිසානායක සමත් වීද ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ෂාමල්ට සිදු විය. එ් අනුව අවසන් මහා තරගයේ ජයග්රහණය යසිත ද සිල්වාට හිමිවිය. අදාළ ආබාධිත තත්ත්වය හේතුවෙන් 2016 වසරේ සිට මේ දක්වා පිට පිටම සිව්වරක් ජාතික ශූරතාව දිනා ගත් ෂාමල්ට මෙවර ශූරතාව අහිමි වෙද්දී පළමු වරට ටෙනිස් ජාතික ශූරතාව දිනා ගැනීමට යසිත ද සිල්වාට හැකියාව ලැබිණි.
282 total views, 2 views today