නැවතත් දෙවැනි ස්ථානයට

p12 4ලෝක ටෙස්ට් කි‍්‍රකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ නැවතත් දෙවැනි ස්ථානයට පත්වන්නට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී තිබේ. අදාළ ලැයිස්තුවේදී ඉන්දීය නායක විරාට් කෝලි සමගින් සම තැන් ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන්ද සමත්ව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය නායකයා එක් ස්ථානයක් පසුකරමින් එහි දෙවැනි ස්ථානයට පත්වන්නට සමත්ව තිබේ.

අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය ප‍්‍රසාද ලකුණු 911ක් ලබා සිටින ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත්ට හිමිව තිබේ. ප‍්‍රසාද ලකුණු 886ක් සමගින් විරාට් කෝලි දෙවැනි ස්ථානයේ පසුවෙද්දී කේන් විලියම්සන් ප‍්‍රසාද ලකුණු 877ක් සමගින් එහි තෙවැනි ස්ථානයේ පසුවේ.

මේ අතර අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්වන්නට ඉන්දීය පිතිකරු අජින්ක්‍යා රහනේ සමත්වී ඇති අතර මීට පෙර එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැුඳුණු නවසීලන්තයේ ටොම් ලෙතම් 11 වැනි

ස්ථානයට පත්වී තිබේ.

 109 total views,  6 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments