නිරෝධායනයට පිටින් ගිය මත්තල ප්‍රධාන කළමනාකරුට මාරුවක්

නිරෝධායන ක්‍රියාවලියට පිටින් මීට සති දෙකකට පමණ පෙර මාතර හෝටලයකට රුසියානු ගුවන් කාර්ය මණ්ඩලයක් යැවීමේ චෝදනාවට මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු ඊයේ (08 වැනිදා) සිට ස්ථානමාරු කර ඇත.

ඒ වෙනුවට එක්සත් රාජධානියේ ගැට්වික් ගුවන් තොටුපොළේ වසර දොළහක් පුරා සේවය කළ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන මහේන් අබේසේකර පත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසීය.

මත්තල ගුවන් තොටුපොළ ඉහළ තැනකට ඔසවා තැබීමට නව පත්වීම කළ බව හෙතෙම සඳහන් කරයි.

මත්තල ගුවන් තොටුපොළ ප්‍රධාන කළමනාකරු ලෙස සේවය කළ උපුල් කලංසූරිය මෙලෙස කටුනායක ගුවන් තොටුපොළට මාරු කර ඇත.

එම රුසියානු ගුවන් කාර්ය මණ්ඩලය මාතර හෝටලයකට රැගෙන යාමේ සිද්ධියත් සමග එහි සිටි එක් අයකුට කොවිඩ් ආසාදනය වූ බව අනාවරණය විය. මෙම පිරිස කොවිඩ් මධ්‍යස්ථානයට නොදන්වා හෝටලවල නැවැත්වීමට මුල් වූ බව කියති. හිටපු කළමනාකරුට එරෙහිව විමර්ශනයක් ද අරඹා තිබේ.

 307 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments