ආණ්ඩුවට කරුණයි, කරුණාවයි දෙක පැටලිලා

මහ ව්‍යවසනයක් වේලාවේත් ජාතිවාදය පතුරවපු ආණ්ඩුවක් රට ගොඩගන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පැවැති ජන හමුවලට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මෙම ජනහමුවලදී වැඩිදුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

මේක සෘජු තීරණ තීන්දු ගත නොහැකි නිද්‍රාශීලී හා අලස ආණ්ඩුවක් බව ඔප්පු කර හමාරයි. ආණ්ඩුව අසමත් බව තහවුරු කර අවසානයි. මෙවැනි ආර්ථික විනාශයක් වෙලත් ආණ්ඩුව දුන්නේ අඩු ආදායම් ලබන පවුකට රුපියල් 5000ක් පමණයි. නමුත් අගෝස්තු 5 වැනිදායින් පසු අපි මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර මධ්‍යම පන්තියේත් පහළ සෑම පවුලකටම මසකට රුපියල් විසිදහසක් ලබා දීමේ සහන අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.

අමෙරිකානු ඩොලර් ලක්ෂ හතරක් වැය කර තනන ක්‍රීඩාංගණ නතර කර ලක්ෂ අටදහස් නවසීයක් වැය කරන දෙහිවල-ගල්කිස්ස මුහුදු වැලි ගොඩ දැමීම නතර කළාම ජනතාවට සහන දිය හැකියි. යුගයේ හදිසි අවශ්‍යතාව මේවා නෙමෙයි. කළයුතු වන්නේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීමයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යද්දී මේ ආණ්ඩුව තෙල් මිල මාස හයක් යනතුරු අඩු කරන්නේ නෑ කියනවා. මේක ගිනස් වාර්තා තියන ආණ්ඩුවක් බව පත් වෙනවා. එක දිගට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගියත් අපේ රටේ තෙල් මිල පහළ යන්නේ නැහැ. අගෝස්තු 5වැනිදා ජන බලයෙන් මේ ආණ්ඩුව පලවා හරින විට මේ රටේ තෙල් මිල අඩු කිරීමේ වගකීම සමගි ජනබලවේගය බාර ගන්නවා.

රටේ ආර්ථිකය යළි හැදෙන තුරු මසකට රුපියල් විසිදහසක් බැගින් දෙනවා. මහපොළොවේ ක්‍රියාත්මක වන සහන ණය වැඩසටහනක් අරඹනවා. ආණ්ඩුව මහා ලොකුවට කියන සියයට හතරේ සහන පොලී ණය ගන්න එකම පුද්ගලයකු හෝ මට තවම හමු වෙලා නැහැ.

වැඩ බැරි ආණ්ඩුවට බැරි වුණාට අගෝස්තු 5 වැනිදියින් පසුව අපි බිහි කරන අපේ රජයේ අගමැති සජිත් ප්‍රේමදාස මේක කරනවා. එක පැත්තකින් අතට මුදල් දෙනවා. අනෙක් පැත්තෙන් ණය සහන ක්‍රියාත්මක කරනවා. ඉට අමතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාමේ සහනය ජනතාවට ලබා දෙනවා. තෙල් මිල අඩු කරන විට බඩු මිල අඩු වෙලා ජීවන බර අඩු වෙලා අතට ඉතුරුවන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. අපි බිහි කරන නව රජයේ පළමු මාස කිහිපය තුළ මේ සහන ටික ජනතාවට ලබා දෙනවා. අපේ අරමුණ රටේ ආර්තීකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.

වර්තමාන අග්‍රාමාත්‍ය-තුමාගේ යුතුකම හා වගකීම කරුනාට කරුණාව දැක්වීම නෙමෙයි. හමුදාවේ තුන් දාහක් එක දිනකදී මරා දැම්මා යැයි පම්පෝරි ගසන කරුණා අම්මාන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දෙන්න සූදානම් වීම පුදුම සහගතයි. හැට නව ලක්ෂයේ ජනතාව මේ ආණ්ඩුව වෙනස ඇති කළේ එක දවසකදී තුන් දාහක් මරපු කරුණාට වන්දනා මාන කරන්නදැයි අපි ප්‍රශ්න කරනවා. පොහොට්ටුවේ හැම දෙනාම එකතු වෙලා අද කරුණා සරණං ගච්ඡාමි කියනවා. නමුත් මේ රටේ හැටපන් ලක්ෂයක ජනතාව කිව්වේ කරුණාවෙන් ජනතාවට සේවය කරන්න කියලයි. ආණ්ඩුවට කරුණාවයි කරුණයි දෙක පැටලිලා.

සැබෑ සද් ජාතිකත්වය තියෙන්නේ සමගි ජන බලවේගය සමගයි. සද් කියන්න සත්‍යවාදී, සැදැහැවත්, සුපිරිසුදු, යථාර්ථවාදී රට සුරකින ජාතිකත්වය යන්නයි. දැන් මුළු ආණ්ඩුවම කරුනා අම්මාන් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. තුන්දාහක් හමුදාවේ අය මැරුවා කියලා කරුණා අම්මාන් කියනවා නම් අගෝස්තු 5 වැනිදායින් පසු අපේ රජය බලයට පත්වූ වහාම කරුණාව නීතිය හමුවට ගේනවා. ඒක කරන්න මේ ආණ්ඩුවට කොන්දක් නැහැ.

 220 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments