සැකකරුවන් බන්ධනාගාරයේ සිටියදී වීඩියෝ තාක්ෂණයෙන් ඇප දෙන්න කැබිනට් අනුමැතිය

සැකකරුවන් බන්ධනාගාරය තුළ සිටියදීම කොළඹ පිහිටි තෝරාගත් අධිකරණ කිහිපයකින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇප ලබා දීමේ ක්‍රමයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා විසිතුනක් බන්ධනාගාර හතරක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සැකකරුවන්ට ඇප නියම කිරීම සිදු කෙරෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11 වැනිදා) පැවසීය.

රට පුරා බන්ධනාගාර විසිතුනක රැඳවියන් පහළොස්දහසක් සිටින බව කී ඇමැතිවරයා ඔවුන්ගෙන් 5400 දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතු බවද කීවේය.

රැඳවියන් අධිකරණයට ගෙන යද්දී අවස්ථා කීහිපයකදී බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ල කිරීම නිසා රැඳවියන් සහ නිලධාරීන්ද ජීවිතක්ෂයට පත්විය. එම නිසා ඇප අයැදුම්පත් සලකා බැලීම මෙම තාක්ෂණය ඔස්සේ සිදු කළ හැකි බවත්, පළමුව එය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවද ඇමැතිවරයා කීවේය.

 227 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments